මුහුදු ගිය ධීවරයෙකු අතුරුදහන්

matara fishermen weligama akashi duwa mirissa
By Sewvandhi Jun 02, 2021 03:37 PM GMT
Report

ඉකුත් 31 වන දින පස්වරුවේදි වැලිගම - මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය "ආකාෂි දුව" නැමැති කුඩා යාත්‍රාවක් අනතුරට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ හිමිකරු ඇතුළු සිව් දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම යාත්‍රාව (01) දින නැවත මිරිස්ස ධීවර වරාය වෙත පැමිණීමට නියමිතව තිබුණා නමුත් එසේ නොපැමිණීම හේතුවෙන් මිරිස්ස ධීවර පරික්ෂක කාර්යාලයට, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වැලිගම පොලිසියට ධීවරයින්ගේ පවුල් වල උදවිය පැමිණිලි කර තිබෙනවා.

කෙසේ නමුත් අනතුරට පත් යාත්‍රාවේ සිටි පිරිස අතරින් තිදෙනෙකු මිරිස්ස ප්‍රදේශයේ ඉන්දුමිණි යාත්‍රාව මගින් බේරාගෙන අද දින නාවික හමුදා යාත්‍රාවකට බාරදී තිබෙනවා.

කෙසේ වෙතත් වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි ධනසිරි නැමැති අනිත් ධීවරයා සිද්ධියෙන් තවමත් අතුරුදන් වී සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව සහ වැලිගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now