රජයේ තවත් ලොක්කියක් ඉල්ලා අස්වේ - හේතුව මෙන්න
ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිවරිය වූ නීතිඥ රමණි ජයසුන්දර එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
ඇයගේ සමීප ආරංචි මාර්ග අනුව, ජාතික කාන්තා කොමිසමේ සභාපතිවරිය වශයෙන් කටයුතු කිරීමේදී මතුවූ දුෂ්කරතා හේතුවෙන් ඇය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව ප්‍රකාශ වේ.
මීට වසරකට පමණ පෙර, ව්‍යවස්ථා සභාව විසින් ජාතික කාන්තා කොමිසමේ සභාපති ධුරයට නීතිඥ රමණි ජයසුන්දරගේ නම අනුමත කර තිබූ අතර, තවත් සාමාජිකයින් 07 දෙනෙකු සමඟ එක්ව කොමිසම පිහිටුවා තිබේ.
ඉන් පෙර ආසියානු පදනමේ උසස් තනතුරක රැඳි නීතිඥ රමණි ජයසුන්දර, ඉන් ඉවත්ව ජාතික කාන්තා කොමිසමේ සභාපති ධුරය භාරගෙන තිබේ.