ගාල්ල බන්ධනාගාරයේ පාර්ශව දෙකක් අතර දරුණු ගැටුමක්
ගාල්ල බන්ධනාගාරය තුළ රැදවියන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකදී තුවාල ලබා ඇති එක් රැඳවියෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
මෙම ගැටුම 2026 ජනවාරි 27 වන දින රාත්‍රීයේ ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සොබනාහන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණිය සුද්දා සහ අගම්පොඩි අජිත් සමන් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා යන පාර්ශව අතර සිදුවී ඇති බවට සඳහන් වේ.
නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ
ඉන් තුවාල ලැබුනු රැඳවියෙකු, කරන්දෙණිය සුද්දාගේ පාර්ශවයෙන් වන එක් අයෙකු, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.