ගිනි ගත් නෞකාව ගිලෙයි(PHOTOS)/(VIDEO) ..විශේෂ කණ්ඩායමක් නැව ඇතුලට..

Navy Gotabaya Rajapakshe Fire ship Colombo harber
By Aruna Jun 02, 2021 06:13 AM GMT
Report

අනතුරට ලක්වු "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගිලියාමේ අවදානමක් මතුව තිබේ.

ඊයේ (01) දිනයේ සිට ජලය කාන්දුවීම හේතුවෙන් නෞකාව මේ වන විට සියයට 50ක ප්‍රමාණයක් මුහුදේ ගිලී ඇතැයි නාවික හමුදාව පවසයි.

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වු "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමට පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද (02) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු බව නාවික හමුදාව පැවසුවේය.

ගැලවුම්කාර සමාගමේ ටග් යාත්‍රා මඟින් නෞකාව ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGalleryGallery