දින 04 ක් තිස්සේ ඇවිලෙන් ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නෙන් ජල මුලාශ්‍ර වල තර්ජනයක්. - (PHOTO)

Wildfire
By Wayomi Mar 10, 2024 10:56 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී පාද රක්ෂිතයේ, මරේ තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාවට ඉහළින් පිහිටි ටර්පන්ටයින් වගාවේ දින 04 ක පමණ කාලයක් තිස්සේ පවතින ගින්න තවදුරටත් පැතිරෙමින් පවතිනවා.

මෙම ගින්න නිසා මේවන විට ටර්පන්ටයින් වගාවේ අක්කර ගණනක් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් හා වතු ජනතාව එක්ව ගින්න පැතිරයාම වැළැක්වීමට දැඩි උත්සහායක් දැරුවද ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා සුළං තත්වය නිසා ගින්න පවතින ස්ථානයට ළඟා වීමට නොහැකි වීම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි පොලීසිය පවසන්නේ.

ප්‍රදේශයේ ඇතැම් සංවිධානාත්මක පිරිස් හා පුද්ගලයින් විසින් වන සතුන් දඩයම් කිරීම හා විනෝදයට වියළි කාළගුණයක් පවතින කාලවල මෙම ගිනි තැබීම සිදු කරන බව ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

මේ අතර මෙම ගින්න හේතුවෙන් මේ වන විට මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන් ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යෑමේ තර්ජණයට ලක්ව ඇති බව ද වාර්තා වෙනවා.


Gallery
ReeCha