හැටන් වෙළඳසැලක ගින්නක්
Sri Lanka Police
Fire
Hatton
Sinhala news
By Hashini
හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
එම වෙළදසැල වසා තිබූ අවස්ථාවේ හටගත් ගින්න ශීඝ්රයෙන් පැතිර ගිය අතර, පැතිර ගිය ගින්න පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් පියවර ගැනිණ.
හැටන් පොලිසිය කියා සිටියේ ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව මෙන්ම ගින්න පිලිබද පරික්ෂණ පවත්වන බවයි.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න හට ගත් හැටන් පැති වීදියේ වාහන ධාවන කටයුතු තාවකාලිකව නගර කිරිමට හැටන් පොලිසිය පියවර ගෙන තිබෙනවා.
