ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ හදිසි ගින්නක්
By Ashfa
අද (30) සවස 3:20ට පමණ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක හදිසි ගින්නක් හටගෙන ඇත.
වාර්තා වන ආකාරයට ගින්න පැතිරීයාම වැළැක්වීම සඳහා කඩදාසි කම්හලේ ගිනි නිවන ඒකකය, යුද හමුදාව, පොලීසිය, ඇඹිලිපිටිය නගර සභාව සහ සෙවණගල සීනි කම්හලේ ගිනි නිවන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක වී දැඩි පරිශ්‍රමයක් යොදා මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට හැකි වී ඇති බවයි.
අදාළ බලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින අතර කඩදාසි කම්හල වෙත ගෙන්වන ලද අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති නමුත් ඊට ආදාල හේතුව මෙතෙක් අනාවරණය වී නැත.