තවත් ගොඩනැගිල්ලක එකවරම ගින්නක් ඇවිලී යයි - වහාම ගිනි නිවීමේ ඒකක කැඳවයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Fire
By krishani Oct 28, 2023 04:00 AM GMT
krishani

krishani

Report

පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අද (28) උදෑසන 7.30ට පමණයි.

20ක් රෝහලට යැවූ, පිටකොටුවේ ඇවිලී ගිය ගින්නට හේතුව හෙළි වෙයි.

20ක් රෝහලට යැවූ, පිටකොටුවේ ඇවිලී ගිය ගින්නට හේතුව හෙළි වෙයි.


එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ගින්නෙන් වෙළෙඳ සැලෙහි වූ ක්‍රීඩා භාණ්ඩ රැසක් විනාශ වී තිබෙනවා.

මේ වන විට මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පාලනය කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදු වූ පාඩුව ද ගණනය කර නොමැත.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

ReeCha