කර්මාන්තශාලාවක එකවරම ඇති වූ ගින්න..

Report

ඊයේ (07) සවස කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි පොල් කොහු කර්මාන්ත ශාලවක ගින්නක් හටගෙන ඇත.

කර්මාන්තශාලාවක එකවරම ඇති වූ ගින්න.. | Fire At Kilinochchi

ඒ හේතුවෙන් කොහු කර්මාන්ත ශාලාවට හා එහි උපකරණවලට දැඩි හානි සිදුව ඇතැයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ ය.

එම කර්මාන්තශාලාවට සම්බන්ධ විදුලි කාන්දුවක් නිසා පළමුව ගිනි ගැනීම ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ගින්න ඇති වූ අවස්ථාවේ දී කොහු කර්මාන්ත ශාලව තුළ සිටි පිරිස් වහා එම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂාකාරි ස්ථානයන් වෙත ගොස් තිබෙනවා.

එම ගින්න නිවා දැමීමට උත්සහ දැරුවද එය අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

ඉන්පසුව එහි සේවකයින් විසින් මේ පිළිබඳ පොලිසියට හා ගිනි නිවන අංශයන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගිනි නිවන රථය ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙන ඇත.

කෙසේ වෙතත්, ගිනි ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකර තිබෙනවා.