ප්‍රසිද්ධියේ ගිනි පෑගූ 26 හැවිරිදි තරුණිය පිලිස්සී මරුට..ඇයට රාත්‍රී සිදුවූ දේ මෙන්න.

Police Sri Lanka Colombo Fire accident Armer street
By Aruna Jan 19, 2022 10:56 PM GMT
Aruna

Aruna

Report

කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අක්කුරුවිට ආරච්චිගේ ඉරේෂා මධුරංගනී නැමති 26 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති බවත් ඇය දසහැවිරිදි දරුවකුගේ මවක් බවත් පොලිසිය කියා සිටියා.

ආමර් වීදියේ අදාල දේවාලයේ වාර්ෂික ගිනිපෑගිමේ උත්සවය පසුගිය 14 වැනිදා රාත්‍රීයේ පැවැති බව කී පොලිසිය මියගිය කාන්තාව ගිනිපෑගීමේ චාරිත්‍රයට සහභාගී වීමේදී ඇයගේ දෙපා පිලිස්සී ඇති බව ද සඳහන් කළා.

පසුව පිලිස්සුම් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර නොගෙන පසුදින නිවසේම සිටිදී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියෙදී මියගොස් ඇති බවත් කොළඹ නාගරික මරණ පරික්ෂක අෂ්රෆ් රූමි මහතා මරණ පරීක්‍ෂණය පවත්වා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now