ජනතාවට සුබම සුබ ආරංචියක්...රසායනික පොහොර සම්බන්ධයෙන් තීරණයක් ගනී..

Sri Lanka Farmers Chemical fertilizer subsidy
By Aruna Apr 05, 2022 02:00 AM GMT
Aruna

Aruna

Report

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රසායනික පොහොර සහනාධාරය සම්බන්ධව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රවෘත්ති නිවේදනයයි.

වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත කාබනික පොහොර ලබා දීමේදී සම්පූර්ණ වශයෙන් සහනාධාර මත ලබා දෙන ලදී.

එසේ වුවත් ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම සිදු කිරීමට නියමිතව ඇත.

ඩී.එම්.එල්. බණ්ඩාරනායක ලේකම්

කෘෂිකර්ම අමාත්‍යාංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now