බඹර ප්‍රහාරයෙන් තිදරු පියා එම ස්ථානයේදීම මරුට
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ තෘණ කැපීමට ගිය වතුකම්කරුවෙකුට අද (26) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම ප්‍රහාරයෙන් එම පුද්ගලයා එම ස්ථානයෙදීම ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලීසිය කියයි.
මෙසේ බඹර පුහාරයෙන් මිට ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ කරුපන් ගුණ්ඩු නැමති 69 හැවිරිදි තිදරු පියෙකි.
නිවසේ ඇති කරන එලදෙනුන්ට තෘණ කැපීම සදහා ගොස් තෘණ කපමින් සිටියදී ඒඅසළම විශාල ගසක බැද තිබූ බඹර කූඩුවක වද කඩාගැනීමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තෘණ කැපීමට ගිය පුද්ගලයාට පහර දී ඇත.