පියා සහ පුතා එකතු වී පාසල් සිසුවෙක්ට සාහසික ලෙස පහරදුන් හැටි.. වීඩියෝ සහිතයි (CCTV VIDEO)

school boy kaluthara Father and sun
මාස 3 කට පෙර
Sithumi

Sithumi

පියෙක් සහ පුතෙක් මහමඟදී පාසල් සිසුවෙකුට පහරදෙන සිද්ධියක් කළුතරින් වාර්තා විය. පාසලේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම පහරදීම සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

එම පහරදීම ඊයේ (19) කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේදී සිදුවී ඇත. එක් සිසුවෙකු තම පියා සමග පැමිණ එලෙස අනෙක් සිසුවාට පහරදී තිබුණේ ඔහුගේ නිවස ආසන්නයේ මාර්ගයකදීය

. දකුණු කළුතර පොලීසිය සඳහන් කළේ පහරදීමට සම්බන්ධ සිසුවා පොලිස් භාරයට ගත් බවත් පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.

එම පහරදීම සිදුකරන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/CR0oX489lNy3DSRyfplira