මාරක රිය අනතුරක් - දෙදෙනෙක් මරුට
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අද (17) දහවල් සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොළොන්නරුව – මහියංගණය ප්‍රධාන මාර්ගයේ මුවගම්මන ආසන්නයේදී මගී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.
දෙහිඅත්තකණ්ඩිය දෙසින් මහියංගණය බලා ධාවනය වූ බස් රථයක් හා ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පවසයි.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා දැඩි ලෙස තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මව සහ වයස අවුරුදු දෙකක් වූ දරුවා මියගොස් ඇත.
මියගිය මව වයස අවුරුදු 33ක් වන අතර, ඇය සහ දරුවා මාවනාගම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවී තිබේ. ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11ක් වන තවත් දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.