අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත ඇප
අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත මඩකළපුව මහාධිකරණ ඇප නියම කර තිබේ.
ඒ අනුව ජාතින් අතර අසමගිය ඇතිකරමින් සංහිඳියාව බිඳහෙලමින් ප්රකාශ නිකුත් කිරිම සම්බන්ධයෙන් එම හිමිට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණි.
කරුණු සලකා බැලු මඩකළපුව මහාධිකරණ විනිසුරු ජී ප්රභාකරන් විසින් ඇප නියම කළ අතර ඒ අනුව රුපියල් ලක්ෂ දහයක ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළේය.
ඇප නියම කරමින් ඒ හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර ගුවන් ගමන් බලපත්රය අධිකරණය භාර දෙන ලෙසද නියෝග කළේය.