තවත් දරුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට
By Kaushi
කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් අත.
ඒ අනුව අඳාළ අනතුර සිදුව ඇත්තේ කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන්.
මෙම අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.
ඒ අනුව එසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එම මෘත ශරීරය තැලිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිතුල්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.