ලොකු ලූනු කුණු ගොඩට - ගොවියෝ වලපල්ලට
අනුරාධපුර ගලෙන්බිදුණුවැව ගොවීන් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇත.
ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැතිවීම හේතුවෙන් සිය අස්වනු කුණුවීමට ලක් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වනවිට දෛනිකව තම අස්වැන්න තම ගබඩාවලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.
ලූනු බීජ කිලෝ එකකින් ලූනු අසවැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත දමා ඇති බවයි.
දැඩි දුෂ්කරතා මධ්‍යයේ පසුගිය යල කන්නයේ ලූණු වගා කළ හුරුළුනිකවැව ගොවීන් පෙන්වා දෙන්නේ ලූනු කිලෝවක් සදහා තොග වෙළඳපොලේ රුපියල් 80 - 100 කට ආසන්න මුදලකට පැවතීම කනගාටුදායක බවයි. ගොවීන් මෙලෙස වගා කළ ලොකු ලූනු අඩු මුදලකට අලෙවි කිරීමෙන් මොවුන්ට කිසිදු ලාභයක් නොමැති බවත් , එමගින් කන කර උගසට තබා වගාව සඳහා ලබාගත් ණය මුදල් ගෙවා දැමීමටවත් නොහැකි වන බවත් ගොවීහු පෙන්වා දෙති. පිටරටින් ලොකු ලූනු ආනයනය කිර තිබීම හේතුවෙන් , වෙළෙඳපොළේ ලූනු කිලෝවක් සඳහා අඩු ඉල්ලුමක් හා නිසි මිලක් නොපවතින ගොවීහු පවසති,