ධනුෂ් දේශපාලනයට පිවිසෙයිද රසිකයන් අතර උණුසුම් කතාබහක්

Report

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු ධනුෂ් දේශපාලනයට පිවිසෙනු ඇතැයි යන අනුමාන යළිත් වරක් ඉන්දීය මාධ්‍යවල අවධානයට ලක්ව තිබේ.

මෙම කතාබහට හේතු වී ඇත්තේ ඔහුගේ උපන්දිනයට පෙර තමිල්නාඩුවේ තිරුවල්ලූර් දිස්ත්‍රික්කයේ ධනුෂ්ගේ රසික සංගම් විසින් සංවිධානය කළ පුළුල් සුබසාධන වැඩසටහන් මාලාවයි.

එහිදී ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කිරීම, අවශ්‍යතා ඇති ජනතාවට ආධාර බෙදාදීම ඇතුළු සමාජ සේවා රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර, එම වැඩසටහන් ජනතාව සමඟ සබඳතා වර්ධනය කිරීමේ උත්සාහයක් ලෙසද සැලකේ.

සයි පල්ලවි සහ විජේ සේතුපති එක්වූ මනි රත්නම්ගේ නව සිනමා පටයේ හවුරා පාලම අසළ දසුන් එළියට

සයි පල්ලවි සහ විජේ සේතුපති එක්වූ මනි රත්නම්ගේ නව සිනමා පටයේ හවුරා පාලම අසළ දසුන් එළියට

මීට අමතරව, ධනුෂ්ගේ රසික සංගමය සිය නිල ධජය පසුගියදා එළිදැක්වීමත් සමඟ ඔහුගේ අනාගත දේශපාලන සැලසුම් පිළිබඳ තවත් කතාබහක් නිර්මාණය වී තිබේ.

රසිකයන් අමතමින් ධනුෂ් ප්‍රකාශ කර ඇත්තේ, තමන්ගේ එකමුතුව ජනතාවගේ යහපත වෙනුවෙන් යොදා ගන්නා ලෙසත්, සමාජ සුබසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරන ලෙසත්ය."අද ඔබ සියලුදෙනා මෙලෙස එකට එක්ව සිටීම විශාල ශක්තියක්. එම ශක්තිය නිවැරදි අරමුණක් සඳහා යොදාගෙන ජනතාවට උපකාර කරන්න. ඔබ අවට සිටින පුද්ගලයන්ගේ ගැටලු හඳුනාගෙන ඔවුන් සමඟ සිටිමින් සේවය කරන්න," යැයි ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම, ධනුෂ් සිය කතාව අවසානයේ "ඕම් නමශිවාය" යන ප්‍රකාශය සිදු කිරීමද සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයට ලක්ව ඇත.

ශිව දෙවියන්ගේ භක්තිකයෙකු ලෙස සැලකෙන ඔහුගේ මෙම ප්‍රකාශය හේතුවෙන්, මීට පෙර රජිනිකාන්ත් ඉදිරිපත් කළ "ආධ්‍යාත්මික දේශපාලනය" සම්බන්ධ සංකල්පයද යළි සාකච්ඡාවට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, ධනුෂ් දේශපාලනයට පිවිසෙන බවට මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැත. එහෙත් ඔහුගේ රසික සංවිධානවල ව්‍යාප්ත වන ක්‍රියාකාරකම් සහ සමාජ සේවා වැඩිවීම හේතුවෙන් එවැනි අනුමාන තවදුරටත් ශක්තිමත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ධනුෂ් දේශපාලනයට පිවිසෙනු ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තමිල්නාඩුවේ පාලක ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් (DMK) පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය තුළ දේශපාලනයට පැමිණෙන ඕනෑම අයෙකු පිළිගන්නා බවයි.

විජයගේ ‘ජන නායගන්’ සිනමා පටයට චෙන්නායි රසිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර

විජයගේ ‘ජන නායගන්’ සිනමා පටයට චෙන්නායි රසිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර