උත්සව සමයේ හුවමාරු වන ව්‍යාජ මුදල් ගැන විශේෂ දැනුම්දීමක්..!
By Sewvandhi
පොලීසිය, උත්සව සමයේ ව්‍යාජ මුදල් සංසරණය විය හැකි බැවින්, මුදල් පරිහරණය කිරිමේදී ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, මුදල් ජාවාරම්කරුවන් ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපොළට එක් කිරීමට උත්සව සමයේ දැඩි උත්සාහයක නිරතවන බවයි.
උත්සව සමයේ ජනතාව විසින් වැඩි වශයෙන් මුදල් හුවමාරු කරගන්නා නිසා ව්‍යාජ මුදල් වෙළඳපොළට නිකුත් කිරීම පහසු වී තිබීම ඊට හේතුව වී තිබෙනවා. එම නිසා මුදල් පරිහරණය කිරීමේදී ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |