ගුවන් මගීන්ට සුබ ආරංචියක් - මේ ගුවන් ගමන් අත්හිටවූ නිසා නොමිලේ දින හතක වීසා දිගුවක්
මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම නිසා මෙරටින් පිටවීමට නොහැකි විදේශීකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
එබැවින් එම කාලය දින 07කින් දීර්ඝ කරන බවත් ඒ වෙනුවෙන් ගාස්තු අය නොකරන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
මැදපෙරදිග යුධමය තත්ත්වය නිසා එම ගුවන් කලාපය හරහා සිදු කෙරෙන සියලු ගුවන් ගමන් නතර කිරීමට අද (28) දින පියවර ගත් අතර ඒ නිසා ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන මගීන් දුෂ්කරතාවන්ට මුහුණ පායි.
සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
එබැවින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ ඒ බව සැලකිල්ලට ගනිමින් මෙම වීසා දිගුව ලබාදීමට තීරණය කළ බවයි.
එසේම ඒ හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීමේ කටයුතු සිදු කරන තෙක් ඔවුන්ට අපහසුතාවයකින් තොරව රට තුළ රැඳී සිටීමට ඉඩ සලසාදීමට මෙම තීරණය ගෙන ඇත.