මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Report

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

අමාත්‍යාංශය විසින් පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් මැදපෙරදිග සිටින සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට දැඩි සුපරික්ෂාකාරීත්වයක් අනුගමනය කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල නිවේදන නිරීක්ෂණය කරන ලෙසත්, අත්‍යවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම්වලින් වළකින ලෙසත් මෙන්ම ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමග නිතිපතා සම්බන්ධතා පවත්වා ගන්නා ලෙසත් අමාත්‍යාංශය මැදපෙරදිග වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

එමෙන්ම අවශ්‍ය අවස්ථාවල සහාය ලබා දීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක සක්‍රීය කර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ඒ අනුව,

 විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය : +94742595546

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE): +94719802822

ක්ෂණික ඇමතුම් අංකය : 1989

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක භාවිතාකර තොරතුරු ලබා ගත හැකිය.

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

GalleryGallery