සමාජ මාධ්‍යයේ හුවමාරු වන ව්‍යාජ ලියවිල්ලක් ගැන දැනුම්දීමක්
By Sithumi
“සංශෝධිත මාර්ග රථවාහන පණත” ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ලේඛණය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුවතක් බව පොලිසිය පවසනවා.
එම ලේඛණයේ දක්වා ඇති රථවාහන වැරදි හා දඩ මුදල් නීත්‍යානුකූල ලෙස මෙතෙක් ප්‍රකාශිත නීතියේ සඳහන් වැරදි හා දඩ මුදල් වලට වෙනස් බවට නිරීක්ෂණය වී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසුවේ.
මෙම අසත්‍ය ප්‍රචාරයට රැවටීමෙන් වළකින ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.