ප්‍රවේසමෙන් - ඔබත් මේ දැවැන්ත ජාවාරමට හසුවුනාද..?

Sri Lanka Police Sri Lanka Police Investigation Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Sewvandhi Dec 26, 2023 03:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් ඔස්සේ ඩුබායි රාජ්‍යයේ රූපලාවණ්‍යාගාරවල පිරිසිදු කරන්නියන් වශයෙන් කාන්තාවන් බඳවාගන්නා බවට දැන්වීම් පළකර සැකකරු විසින් මෙම ජාවාරම සිදුකර ඇත.

ඒ අනුව උපාය දූතයෙකු මාර්ගයෙන් අදාළ ජාවාරම්කරු සමග සම්බන්ධ වී මෙම වැටලීම සිදුකර තිබුණි. ජාවාරම්කරු විසින් කුරුණෑගල රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් එම රැකියා අවස්ථා ලබාදෙන බවට දන්වා තිබේ.

ප්‍රවේසමෙන් - ඔබත් මේ දැවැන්ත ජාවාරමට හසුවුනාද..? | Fake Foreign Job Vacancy Notice

ජාවාරම්කරු විසින්, අදාළ රැකියාව සඳහා බඳවා ගැනීම සිදුකිරීමට මහනුවර, වෙළෙඳ සංකීර්ණය අසලට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, උපාය දූතයා සමග කාර්යාංශයේ විමර්ශන නිලධාරීන්ද එම ස්ථානයට ගොස් තිබුණි.

ජාවාරම්කරු එම ස්ථානයට පැමිණීමත් සමග ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගත්තේය.

කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ, විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසයි.

ReeCha