ලබන සතියේ සිට ‘‘ෆේස් බුක්‘‘ නම ලෝකයෙන්ම අතුරුදන් වෙයි..ග්‍රාහකයින්ට දැනුම් දීමක්.
අලුත් වැඩක් වෙනුවෙන් ලෝකේ 7 වැනි කෝටිපතියා ගොඩ නැගූ සන්නාමය මකා දමයි නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට ඇති සැලසුම මත ‘‘ෆේස් බුක්‘‘ නම වෙනස් කිරීමට අදාල සමාගම තීරණය කර ඇති බව වර්ජ් වෙබ් අඩවිය අනාවරණය කරයි.
වෙබ් අඩවිය පවසන පරිදි මෙම නම වෙනස් කිරීම එළැඹෙන සතියේදී සිදු වන ඇත.
ෆේස් බුක් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරීයා වන මාක් සකර්බර්ග විසින් ලබන 28 වැනිදා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද අදාල වෙබ් අඩවියේ වැඩි දුරටත් දක්වා ඇත.
මෙම සන්නාම වෙනස සමගින් සමාජ ජාල මාධ්‍ය වලට පමණක් සිමා වී ඇති ව්‍යාපාර කටයුතු ඉන් ඔබ්බට පුලුල් පරාසයක විහිදුවා ලීමට බලාපොරෝත්තු වන බව සඳහාන් වේ.
ඒ අනුව සමාගමේ විශාලතම නිෂ්පාදනය වන ෆේස්බුක් වෙබ් අඩිවය සහ අනෙකුත් සමාජ ජාල වේබ අඩවිද අදාල නව නාමකරණයකට ලක්වෙන සමාගම යටතේ පාලනය වීමට නියමිත බවද වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම නව තීරණය සම්බන්ධනේ ෆේස් බුක් සමාගම තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවද වර්ජ් වෙබ් අඩවිය සඳහන් කර ඇත.
මේ අතර පසුගියදා සිට Android සහ iOS යන දුරකථන දෙකෙහිම WhatsApp Cloud Backups සඳහා නවතම End-to-end Encrypted ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා.
ඒ අනුව පසුගිය වසර පහ තුළ ද WhatsApp විසින්ම මෙය Default සංකේතගත කර තිබුණා.
කෙසේ වෙතත්, දැන්, ඔබේ Backups සඳහා ඔබට End-to-end Encrypted සංකේතනය ක්‍රියාත්මක කළ හැකි වනවා.
WhatsApp හිමිකරු වන මාක් සකර්බර්ග් සිය Facebook නිවේදනයේ සඳහන් කර ඇත්තේ මෙය පාරිභෝගිකයා විසින් සකස් කර ගත යුතු බවයි.
ඒ අනුව එය සිදු කරන ආකාරය වන්නේ Settings > Chats > Chat Backup > End-to-end Encrypted Backup ලෙසයි.
මෙහිදී ඔබ කැමති මුරපදයක් හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64ක සංකේතාංකන මුර පදයක් භාවිතා කිරීමට සිදුවනවා.
ඔබ ඒ සියල්ල සැකසූ පසු, ඔබේ යතුර හෝ මුරපදය නොමැතිව WhatsApp හෝ ගූගල්ට හෝ ඇපල් සමාගමට ඔබේ Backups කියවීමට නොහැකි වීම විශේෂත්වයක් වනවා.
එනම් එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන එකම ගෝලීය පණිවිඩ සේවාව WhatsApp බව වැඩිදුරටත් එම පණිවිඩයේ සඳහන්.
WhatsApp End-to-end Encrypted Backup කිරීමට ඉඩ සලසන නව විශේෂාංගය Android හෝ iOS සඳහා නවතම WhatsApp සංස්කරණයන්ට ඇතුලත් කර ඇති අතර එමගින් මෙම සේවාව සෙමින් සෙමින් ව්‍යාප්ත වනු ඇති බවට අදහස් පළකරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |