මුඛ ආවරණ යළිත් අනිවාර්ය කරයි..? සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්
ගත වූ සතියක පමණ කාලය තුළ මෙරට ආසාදිතයින්ගේ හා කොරෝනා මරණවල වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් යලි මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා.
අද දිනය වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි. ඩි. එච් රෝහලේ ආසාදිතයන් 30 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ.
ඒ අතර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙකු ද වනවා. කෙසේ වෙතත් තවමත් මෙරට තුළ පවතින තත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින බවයි කොරෝනා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි අනුගමනය කිරීමේ අවශ්‍යතාව පිළිබදවද අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |