වහාම ක්‍රියාත්මක පරිදි මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් අති විශේෂ තීරණයක්..!
By Sewvandhi
මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පැවසුවේ, කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර් යය නොවන බවයි.
ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.
එමෙන්ම ,කොවිඩ් හඳුනාගැනීම සඳහා සිදුකරන pcr පරීක්ෂණ සහ rapid පරීක්ෂණ හෙට සිට අවශ්‍ය නොවන බවද සඳහන් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |