පරිස්සමෙන් පාසල් දරුවන් අතර පැතිර යන රෝගයක වැඩිවීමක්.. මව්පියන්ට අනතුරු ඇගවීමක්...
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sithumi
වෛරස් ආසාදනයක් ලෙස පැතිර යන අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත ස්වරූපයෙන් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.
ඇස් රතුවීම, කඳුළු හා කබ ගැලීම හා ඇස්වල පවතින දැවිල්ල මෙම රෝගයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ වන අතර එම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස උපුල් රෝහණ මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කළා.
