අද සිට දීපාවලි උළෙලට ගම්බිම් බලා යන්න විශේෂ බස් සේවා­වක්

By Shehan Oct 18, 2025 04:28 AM GMT
Report

දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බද ප්‍රදේශවලට යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද දින පිටකොටුව බෝධිරාජ මාවත බස් පර්යන්තයේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය, මස්කෙළිය, නානුඔය සහ යාපනය වෙත අමතර බස් රථ 75ක් යෙදවූ බවයි.

හෙට දින කොළඹ සිට එම ප්‍රදේශවලට අමතර බස් රථ 73ක් යෙදවූ බව ඔහු සඳහන් කළේය.

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

බස් සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

ලබන අඟහරුවාදා සිට කොළඹට ආපසු පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් 12 දෙනෙකුට උපදෙස් ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දීපවාලි උත්සවය වෙනුවෙන් පිටකොටුවේ මාකුඹුර සහ බැස්ටියන් මාවතේ සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අද සහ හෙට දිනවල දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 12කට සුභ ආරංචියක්

අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 12කට සුභ ආරංචියක්

ඖෂධ මිල නියාමන ගැසට්ටුවට අනුමැතිය ලැබේ

ඖෂධ මිල නියාමන ගැසට්ටුවට අනුමැතිය ලැබේ