මේ අයට 25 වැනිදා සිට නව වීසා බලපත්‍ර රෙගුලාසියක් - අනිවාර්ය බවට නිවේදනයක්
සංචාරක අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මාලදිවයින් ජාතිකයින්ට එළැඹෙන මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වීසා බලපත්‍ර රෙගුලාසියක් හඳුන්වා දී ඇත.
එබැවින් මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර 'eta.gov.lk'යන වෙබ් අඩවිය ඔස්සේ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය වන බව දන්වයි.
මේ සියලුම ගුවන් ගමන් අනුමැතීන් සහ බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - 23 දක්වා ක්‍රියාත්මකයි
ඒ අනුව මේ බව මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇති බව වාර්තා වේ.
අඳාළ නිවේදනයේ මෙම පද්ධතිය හරහා ලියාපදිංචි වන මාලදිවයින් ජාතිකයින්ට දින 90ක සංචාරක වීසා අවසරයක් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවන බවද සඳහන්.