වාහන රකින පිටතින් සවි කළ ‘එයාර් බෑග්’
කරත්තයෙන් ඇරැඹි ප්‍රවාහන ක්‍රම දිනෙන් දින දියුණු වී අද වන විට දියෙන් මෙන් අහසින් ද ගමන් කළ හැකි යානා නිපදවීම දක්වා ශීඝ්‍ර දියුණුවක් ලබා ඇත. මේ අතර, මෝටර් රථ සඳහා සඳහා හිමි වන්නේ විශේෂ තැනකි.
නවීන මාදිලියේ හැඩවලින් මෙන්ම එන්ජින් ධාරිතාවලින් යුත් රථ නිපදවීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. කෙසේ වෙතත් මෝටර් රථවල දියුණුව හේතුවෙන් වර්තමානය වන විට සිදු වන අනතුරුවල ද වැඩි වීමක් පෙන්නුම් කරන අතර, මිනිසුන්ගේ නොසැලකිලිමත්කම ද ඊට බලපා ඇත. මෙලෙස සිදු වන අනතුරුවලින් මෝටර් රථවල ගමන් කරන මිනිසුන්ගේ ආරක්ෂාවට එයාර් බෑග් තාක්ෂණය විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබූ අතර, ඉන් ඇතුළත ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව යම් දුරකට තහවුරු විණි.
මෝටර් රථය ඇතුළතින් සවි කර තිබෙන මේ එයාර් බෑග් අනතුරකදී පිම්බෙන අතර, සිදු වන අනතුරින් ඇතුළත සිටින පුද්ගලයන් ඉදිරිපස වීදුරුවේ වැදීම වළකාලයි. මින් ඇතුළත ගමන් කරන්නන්ගේ ජීවිත පිළිබඳ අඩු අවදානමක් පවතී. එබැවින් මිය යෑමට පවතින ඉඩකඩ බොහෝ සෙයින් අඩුය. මේ කියන්නට යන්නේ වාහනවලට සවි කර ඇති අලුත්ම එයාර් බෑග් වර්ගයක් ගැනය.
External airbag system යනුවෙන් හඳුන්වන මේ පද්ධතිය මෝටර් රථයේ පිටතින් සවි කර ඇති අතර තම මෝටර් රථය මෙන්ම, තම මෝටර් රථයේ ගැටෙන වෙනත් වාහනයක් හෝ දෙයක් ආරක්ෂා වනු ඇත. බෙහෙවින්ම තම මෝටර් රථයට අනතුරකින් සිදු වන හානිය අඩු කර ගැනීමට මේ External airbag system පද්ධතිය සොයාගෙන ඇති අතර, ඇතුළත ගමන් කරන පුද්ගලයන් ද ආරක්ෂාකාරී වෙයි.
External airbag system පද්ධතිය සම්පූර්ණ වාහනය ආවරණය වන පරිදි පිටතින් එයාර් බෑග් විවෘත වන අතර, වාහනයක් හෝ යම් දෙයක් ගැටීමට ආසන්න වන මොහොතේදීම ක්ෂණිකව ක්‍රියාත්මක වන පරිදි නිපදවා ඇත. පාපැදියක, යතුරුපැදියක ගමන් කරන කෙනකු හෝ පයින් ගමන් කරන පුද්ගලයකු හදිසියේ මෝටර් රථයක ගැටීමෙන් ඔවුන්ට සිදු විය හැකි අනතුර අවම කර ගැනීමට External airbag system මඟින් හැකිය. මේ හේතුවෙන් බාහිර පුද්ගලයන්ගේ ආරක්ෂාව ද තහවුරු වන අතර, තම මෝටර් රථයට අනතුරකදී සිදු වන හානිය මෙන්ම තමන්ව ද ආරක්ෂා වනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |