එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තවත් දරුණු අතට හැරේ(PHOTOS) (VIDEO)

fire army navy express pear colombo harbor
By Sewvandhi May 22, 2021 07:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වන එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ ගින්න පැතිරීම මේ වනවිට වේගවත් වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව සහ වරාය අධිකාරී එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විට උත්සාහ දරයි.

 එමෙන්ම මෙම නෞකාවේ පවතින"එක්ස්ප්‍රස් පර්ල්" නම් රසායන ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් පරිසර හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ.

කොළඹ වරාය අභියස මුහුදේ ගිනිගත් නෞකාවේ පිට වන දුමාරය-:


 එහි සභාපති නීතිඥ දර්ශනී දහදපුර මහත්මිය පැවසුවේ, ඒ සඳහා නිලධාරි කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත්කර හැරීමට පියවර ගන්නා බවය.

සිංගප්පූරුවේ ලියාපදිංචි "එක්ස්ප්‍රස් පර්ල්" නම් රසායනික ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව කොළඹ වරායට නාවික සැතැපුම් 10ක් පමණ දුරින් වු මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබියදී එහි හදිසි ගින්නක් හටගෙන තිබුණි. 




 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery