එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප

Express pearl ship Capithan
By Sithumi Jun 14, 2021 05:13 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කළේය.

නැවේ දුමාරය පිටවීමට පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවී පැය එකහමාරක කාලයක් එහි සිටි නාවික හමුදා සහ වරාය අධිකාරියේ නිලධාරීහූ නැවේ ගින්න නොදැමුවේ වන්දි ලබාගැනීමේ අරමුණින් දැයි ප‍්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අන්තර්ජාතික සයුරු පිළිබඳ නීතිය අනුව නැව් කපිතාන්වරු ප‍්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට නොගතයුතු යැයි පෙන්වා දෙමින් කළ ඉල්ලීම පිළිගනිමින් එලෙස නියමක කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කර විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගත්තේය.

අපද්‍රව්‍ය මුහුදට එක්කළැයි රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ක්වප්ලෝ විටලී මහතා මෙලෙ මුදාහැරීමට නියම කළේය. සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් විටලිී මහතා සිදුකළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියට අදාලව සිදුකරන ලද විමර්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් එහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය, නිමි භාණ්ඩ සහ තෙල් ආදිය මුහුදට එක්වීමෙන් ශ්‍රී ලංකාවට අවට මුහුදට විශාල පාරිසරික හානියක් සිදුව ඇතැයි ද මෙම කපිතාන්වරයා ඊට වගකිවයුතු යැයි ද අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්කොන් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිදුවීමෙන් වසර දහස්ගණනකටවත් ප‍්‍රපූර්ණය කළ නොහැකි හානියක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුව ඇතැයි කීය. මෙම නෞකාවේ ගින්න ඇතිවූ අවස්ථාවේදී එය නිවාදැමීමට සැකකරු ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය කටයුතු නොකිරීම මෙම සිද්ධියට මූලිකම හේතුව වී ඇතැයි සඳහන් කළ මාධව තෙන්නකෝන් මහතා මෙම සිද්ධිය පිළිබඳව ආරම්භ කළ විමර්ෂණ කටයුතු පුළුල් ආකාරයෙන් සිදුකරගෙන යන්නේ යැයි කීය.

සැකකාර නැව් කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මුලින්ම නැවේ දුමාරය පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ මන්දැයි ප‍්‍රශ්න කළේය.

තම සේවාදායකයා පැදවූ නැව කොළඹ වරායට ඒමට නියමිතව තිබූ දිනට වඩා දින දෙකක පමණ කාලයක් ප‍්‍රමාද වූ බවත් මුහුදේ ඇතිවී තිබූ කුණාටු තත්වය ඊට හේතු වූ බවත් දැනුම් දුන් සරත් ජයමාන්න මහතා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු නිරීක්‍ෂණය කළ තම සේවාදායකයා සහ ඔහු යටතේ සේවය කළ නිලධාරීන් ඒ බව වරාය ආධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම්දී ඇතැයි කීය.

ඒ අනුව එදින සවස 4.30 ට පමණ නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් නැවට පැමිණියේය යැයි කීය. එලෙස පැමිණි ඔවුන් පැය එකහමාරක පමණ කාලයක් නැවේ ගතකළ බවත් දුමාරය පිළිබඳ පරීක්‍ෂා කළ ඔවුන් ඒ බව ‘හාබමාස්ටර්වරයාට’ ඒ බව දැනුම් දෙන්නම් කියා පිටව ගිය බවත් කී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එදින රාත‍්‍රීයේ නැවේ දුමාරය වැඩිවීමට පටන්ගත් විට මේ පිළිබ`දව තව සේවාදායකයා හා ඔහු යටතේ සිටි නිලධාරීන් ‘හාබමාස්ටර්වරයාට’ ඇතුළු සියලූ පිරිසට පණිවුඩ ලබාදී ඇති බවත් ඒ අනුව ‘හාබමාස්ටර්වරයා’ විසින් නැවේ ගින්න නිවාදැමීම ස`දහා ටග් යාත‍්‍රි කීපයක් එවනු ලැබූවත් ඒවා නැවේ ගින්න නිවා දැමීමට තරම් ප‍්‍රමාණවත් නොවූ බව ද දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නැවේ ගින්න දරුණු ලෙස පැතිරී ගොස් දින ගණනක් තිස්සසේ ගිනිගෙන මුහුදු බත්වූ බවත් මුල්ම අවස්ථාවේදී නිවාදැමීමට තිබූ නැවේ ගින්න නිවානොදැමුවේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි සැකයක් මතුවන්නේ යැයි කී සරත් ජයමාන්න මහතා තම සේවාදායකයාට චෝදනා කරන ආකාරයෙන් ඔහු කිසි`දු අවස්ථාවක නැවෙන් කිසි`දු අපද්‍රව්‍යයක් මුහුදට නොදැමුවේ යැයි ද නැවේ හටගත් ගින්න නිවාදැමීමට උත්සහ කිරීමේදී නැවේ තිබූ යම් යම් අපද්‍රව්‍ය මුහුදට එක්වීමට හැකියා තිබුණේ යැයි ද කීය. සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබාදීමට හැකියාවක් නැතැයි ද ඔහුට දඩයක් පමණක් නියම කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වන්දි ලබාගැනීම ස`දහා තම සේවාදායකයා ප‍්‍රාණඇපකරුවකු ලෙස ර`දවානොගතයුතු බවද පෙන්වා දුන්නේය