මගීන් දැඩි අපහසුතාවයට පත් කරමින් සප්යිඩර් මෑන් වගේ ටිකට් කඩපු කොන්දොස්තර.

By Wayomi Jan 30, 2025 11:36 AM GMT
Report

කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ පෞද්ගලික බස්රථයකට මගීන් අධික ලෙස පටවා ගැනීම හේතුවෙන් බස් රථයේ කොන්දෙස්තර විසින් මගින්ගෙන් මුදල් අයකරගැනීමට වෙනස්ම ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වීමක් පිළිබඳව වාර්තා වී තිබෙනවා.

අදාල පෞද්ගලික බස්රථය කිලිනොච්චිය සිට මුහමාලෙයි දක්වා ධාවනය කොට ඇති අතර එහිදී මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්කරගනිමින් බස්රථයට මගීන් පටවාගෙන ඇති බව සඳහන්.

එහිදී මගීන් බස්රථයේ අධික ලෙස පටවාගෙන යාම හේතුවෙන් කොන්දොස්තර වරයාට මගින්ගෙන් මුදල් ලබාගැනීමටද නොහැකි වීම නිසා කොන්දොස්තරවරයා බස්රථයේ සීට් උඩින් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

කොන්දොස්තරවරයාගේ මෙම හැසිරීම හේතුවෙන් සීට්වල සිටි මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතරම මගින් විසින් චෝදනා කොට ඇත්තේ අධික ලෙසින් මගීන් පෞද්ගලික බස් රථවලට පැටවීම මගින් අනතුරු අවධානමක්ද පවතින් හෙයින් වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසටයි.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ලාංකිකයන්ට සුබ ආරංචියක්. - මෙන්න ජපන් රැකියා සංචිතයක්.

ලාංකිකයන්ට සුබ ආරංචියක්. - මෙන්න ජපන් රැකියා සංචිතයක්.


You May Like This Video