ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින් සිය ඉනිම අත්හිටුවයි..

Cricket Sri Lanka Cricket Australia Cricket Team Sports
By Piyumika Jan 30, 2025 11:40 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවීය.

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ඉනිමකදී ක්‍රීඩාකළ වැඩිම ලකුණු සංඛ්‍යව ලෙසින් වාර්තා අතරට එක්විය.

මන්ත්‍රිනී කොට්ටහච්චිට අපහාස කිරීමට යොදා ගත් ජංගම දුරකථනයට කරලා තියන දේ...

මන්ත්‍රිනී කොට්ටහච්චිට අපහාස කිරීමට යොදා ගත් ජංගම දුරකථනයට කරලා තියන දේ...

මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ තිබු ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ මීට වසර 30කට ආසන්න කාලයක පෙර ලකුණු 617/5ක් රැස්කර තිබීමයි. එය ඔවුන් 1995 වසරේ පර්ත්හිදී පැවැති තරගයකදී ක්‍රීඩාකර තිබුණි.

එමෙන්ම අද අත්හිටු වූ ඉනිමත් සමග ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙවතාවකදී ටෙස්ට් ඉනිමක ලකුණු 600ට වැඩියෙන් ක්‍රීඩාකර ඇත

ඔස්ට්‍රේලියානු ඉනිම ඔසවා තබමින් ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 232ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ සියලුම පන්දු යවන්නෝ දැඩි පහරකෑමකට ලක් වූහ.

කෙසේ නමුත් ඉන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුලු 3ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

අද තරගයේ දෙවන දිනයයි.  

ප්‍රියන්ත මායාදුන්නේට අධිකරණය දුන් තීන්දුව..

ප්‍රියන්ත මායාදුන්නේට අධිකරණය දුන් තීන්දුව..

අද පළමු ඉනිමේ විශේෂත්වය වනුයේ කිසිදු ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙකුට ඔස්ට්‍රෙලියාවට එරෙහිව කඩුල්ලක් දවාගැනීමට නොහැකි වීමයි.

අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායම දෙවැනි වර්ෂාව හේතුවෙන් දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස් කර සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී පළමු කඩුල්ල ලෙස මැතිව් කුහෙන්මන්ගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 7කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස මිචෙල් ස්ට්‍රාක්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දී දිමුත් කරුණාරත්න දැවී ගියා.

ඒ වන විට ඔහු ලකුණු 7 ක් ලබා සිටියා.

ඉන් අනතුරුව දිනය නිමා වන්නට මත්තෙන් ඇන්ජලෝ මැතිව්ස් ද දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙසයි. ඔහුද ලකුණු 7ක් ලබා සිටියදී දවා ගැනීමට ඔස්ට්‍ර්ලියන් පන්දුයවන්නන් සමත් විය.

කෙසේ නමුත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැලී තරගය අද දිනයට නිමාවන විට පිටියේ රැඳී සිටින්නේ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස්

You may like this video

ReeCha