ප්‍රධාන විභාගයක් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka Education Buddhism
By Aruna Dec 23, 2023 06:48 AM GMT
Aruna

Aruna

Report

බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය මේ මස දෙසැම්බර් 28 සහ 29 යන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම්දෙනු ලබනවා.

මෙම විභාගය 2020,2021, සහ 2022 අදාළවයි මෙය පැවැත්වෙන්නේ.

මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර යවා ඇති බවයි,විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙතෙක් එම ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  www.doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගැනීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම විභාගය 2020,2021,වෙනුවෙන් නියමිත පරිදි පැවැත්වා නොමැති බවයි පැවසෙන්නේ.

ReeCha