පැවැත්වීමට නියමිත විභාගයන්හි දින වකවානු සංශෝධනයක්
A/L Exam
ministry of education
October
Scholarship exam
G.L.Piries
By Sewvandhi
ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග පිළිබඳව හෙට (20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
එහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දින වකවානු පිළිබඳ ප්‍රකාශ කිරීමට ද නියමිත බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම කොවිඩ් අර්බුදය හේතුවෙන් ප්‍රමාද වී ඇති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් ද හෙට ප්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන ඔක්තෝබර් 04 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමටත්, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 වැනිදා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බව මීට පෙර දැනුම්දුන්නා.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
