රුසියාවේ ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියෙකුට වෙඩි වරුසාවක් - තත්ත්වය බරපතළයි

Report

වයඹදිග මොස්කව්හිදී හඳුනා නොගත් ප්‍රහාරකයෙකු විසින් රුසියාවේ ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ (GRU) පළමු නියෝජ්‍ය ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙව් මහතාට වෙඩි තබා බරපතළ තුවාල සිදු කර ඇත.

මේ බව විමර්ශන කමිටුවේ ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්‍රෙන්කෝ උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය වන ඉන්ටර්ෆැක්ස් අද(06) දින වාර්තා කර ඇත.

අඳාළ ප්‍රහාරකයා එම ස්ථානයෙන් පලා යාමට පෙර වොලොකොලම්ස්කෝයි අධිවේගී මාර්ගයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් තුළ එම පුද්ගලයාට වෙඩි කිහිපයක් එල්ල කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් ඇලෙක්සෙව් දිවි ගලවා ගත් අතර රෝහල් ගත කර ඇත.

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්

රුසියානු ටෙලිග්‍රාම් නාලිකා වන Mash and Shot වාර්තා කළේ ඔහු පඩිපෙළක් මත සිටියදී පිටුපසට වෙඩි වැදී ඇති බවත් මේවන විට ඔහු බරපතළ තත්ත්වයේ පසුවන බවත්ය.

මේ අතර රුසියානු ටෙලිග්‍රාම් නාලිකාවක් වන ඇස්ට්‍රා වාර්තා කළ ආකාරයට ඇලෙක්සෙව් GRU හි රුසියානු සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු නියෝජ්‍ය ප්‍රධානියා වශයෙන් සේවය කරයි. 

පාසල් දෙකක සිසුන් අතර ගුටිකෙළියක් - සිසුවෙක්ගේ හිසට ප්‍රහාර - 7ක් රෝහලේ

පාසල් දෙකක සිසුන් අතර ගුටිකෙළියක් - සිසුවෙක්ගේ හිසට ප්‍රහාර - 7ක් රෝහලේ

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි