විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති, මොහොමඩ් හිල්මිට ඇප
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා ඇප මත මුදා හරින මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සිය නියෝගයෙන් දැනුම් දී ඇත්තේ එම සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය වාර්තාවල සඳහන් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඇති කරුණු, සුවිශේෂී කරුණු වශයෙන් සලකා මෙම සැකකරු ඇප මත මුදා හැරීමට තීරණය කරන බවයි.
ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට
ඒ අනුව එම සැකකරු රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණා.
එසේම සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කර ඇත. අඳාළ නඩුව පෙබරවාරි මස 17 වනදා යළි කැඳවන ලෙස නියම කර තිබෙනවා.