යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරු පිරිසක් ජනපති සමග විශේෂ හමුවක්

By Sewvandhi Aug 11, 2022 03:38 AM GMT
Report

යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝගාත්මක කාලසීමාවේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුකරුවෙකු ලෙස කටයුතු කරන බව එහිදී තානාපතිවරු ජනපතිවරයාට දැනුම්දී ඇත.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සිවිල් මානව හිමිකම්, අදහස් ප්‍රකාශනයේ නිදහස වැදගත් වන බවය. මේ අතර GSP ප්ලස්, IMF හා මානව හිමිකම් කවුන්සිලයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ක්‍රියාවලීන් පිළිබඳව අවධානය යොමු කරන ලෙසද යුරෝපා සංගමයේ රටවල තානාපතිවරු පිරිස එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now