සිසිලියේ එට්නා ගිනි කන්ද ඇවිලිලා.

By Wayomi Dec 03, 2023 06:51 AM GMT
Report

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා.

නමුත් එමඟින් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති අතර යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙසයි එට්නා ගිනි කන්ද හඳුන්වනු ලබන්නේ.

සිසිලියේ එට්නා ගිනි කන්ද ඇවිලිලා. | Etna Volcano Eruption

සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක් වන ගිනිකන්දක්.

එට්නා විදාරණයෙන් සැලකිය යුතු හානියක් වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර විදාරණය වීම සම්බන්ධයෙන් ලොව පැරණිතම ලේඛනගත ඉතිහාසයක් ඇති ගිනි කන්දක් ද වනවා.  

සිසිලියේ එට්නා ගිනි කන්ද ඇවිලිලා. | Etna Volcano Eruption