අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් පහළ යයි?..ජනතාවට සුබ ආරංචියක්!!..

By Aruna Apr 25, 2022 05:01 AM GMT
Report

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ , ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.

ඩොලරයේ අගය ඉහළ යාම සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now