ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි...

Sri Lanka Religion Esala poya day Wasamadanaya
By Aruna Jul 23, 2021 02:43 AM GMT
Aruna

Aruna

Report

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අද දිනට යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව වූ 'ධම්මචක්ක පවත්තන සූත්‍රය' දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේදීයි.

එමෙන්ම රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම වැනි ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් වූ කරුණු රැසක් හේතුවෙන් ඇසළ පොහෝ දිනය බෞද්ධයින්ට වැදගත් වනවා.

මේ අතර රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව වෙහෙර විහාරස්ථානවල ආගමික කටයුතු සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha