උඩු දුවලම ගිය උපාධි සහතික හුටපටේ.. බලශක්ති ඇමතිත් වහා උපාධි සහතිකේ අරන් ගිහින්.. කරලා තියෙන දෙය මෙන්න..(VIDEO)
සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන් පිළිබඳව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (16) පැමිණිල්ලක් සිදු කළේ ය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ සයිබර් අපරාධ අංශය වෙතයි.
එම අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව පැමිණිල්ල සිදුකරමින් අමාත්‍යවරයා පවසා ඇත.
මෙහිදී අමාත්‍යවරයා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබිණ.
කෙසේ වෙතත්, පසුගිය දිනවල දී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, ඉංජිනේරුවරයෙක් නොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිරයන ආකාරය දැකගත හැකි විය.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
You May Like This Video👇
.