ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක දරුණු ගින්නක් - සේවිකාවන් 22ක් රෝහලට ගින්න මැඩ පැවැත්වීමට රථ 3ක්
ඇඹිලිපිටිය, නෝනාගම සුදුපාලම අසල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් එහි සිටි සේවිකාවන් 22 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම රෙදිපිළි කර්මාන්ත ශාලාවේ ගබඩාවක් තුළ ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.
අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න
ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ සහ එහි තිබූ විෂ දුම ආඝ්‍රාණය වීම නිසා අසනීප වූ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් මෙලෙස වහාම ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
හම්බන්තොට සහ ඇඹිලිපිටිය ගිනි නිවන ඒකක එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.