පඩි සහිත අනිවාර්ය නිවාඩු යවයි. - ශ්‍රී ලංකාවේ විහිලුවට ලක් වූ ව්‍යාපෘතියක් ගැන ලෝක ධනවතා ඊලෝන් මාස්ක් හෙළි කරයි.

Sri Lanka Government Of Sri Lanka United States of America Elon Musk
By Wayomi Feb 07, 2025 11:25 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වියදම් කර ඇතැයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම හාස්‍යජනක ව්‍යාපෘති රැසක් සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය මුදල් වියදම් කර තිබෙන බවත් ඒ අතර අල් කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමට නෑකම් කියන ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා ආහාර ලබාදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක්, ඊජිප්තුවේ සංචාරක කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 6 වියදම් කළ ව්‍යාපෘති තිබෙන බවත් ඔහු පවසා ඇත.

මේ ආකාරයෙන් අනවශ්‍ය ලෙස වියදම් කළ ව්‍යාපෘති රාශියක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කරනවා.

ඒ, අනුව දශක ගණනාවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ වියදම් කිසිවෙකු අධීක්ෂණය කර නොමැති බවත් තවදුරටත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් ඊලෝන් මස්ක් පවසනවා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීයව තිබෙන සියලුම කාර්යාලවලට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් අද (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කළා.  

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් විශේෂ තීරණයක්. - මාලිමා ආණ්ඩුව කළඹමින් 14 වෙනිදා කරන්න යන දේ මෙන්න.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් විශේෂ තීරණයක්. - මාලිමා ආණ්ඩුව කළඹමින් 14 වෙනිදා කරන්න යන දේ මෙන්න.

පොලීසියේ ලොකු පුටු රැසක් හෙල්ලෙයි – STF එකටත් අලුත් මුහුණක්.

පොලීසියේ ලොකු පුටු රැසක් හෙල්ලෙයි – STF එකටත් අලුත් මුහුණක්.


You may like this video

 

ReeCha