ලොවම මවිතයට පත් කරමින් මිනිස් මොළයට චිප් එකක්.. - ලොව ධනවත්ම මිනිසාගේ අලුත්ම සොයා ගැනීම..

Elon Musk
By krishani Sep 20, 2023 12:11 PM GMT
krishani

krishani

Report

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන්නේ ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ය.

ඔහු මේ වන විට නවෝත්පාදන සමාගම නියුරලින්ක්, නව අදියරයකට පිවිස තිබෙනවා.

ඒ අංශභාගයෙන් අප්‍රාණික ව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සඳහා අවසර හිමි වීමත් සමඟයි.

ඒ සඳහා එනම් මිනිස් මොළයට ආගන්තුක කෘත්‍රීම මෙවලමක් සවිකිරීමේ අවදානම නිසා ඒ සඳහා මෙතෙක් අවසර හිමි වූයේ නැත.

කොඳුඇට පෙළට සිදු වූ හානියකින් අප්‍රාණික වූ හෝ අත් පා අප්‍රාණික වීමේ රෝගයට ගොදුරු වූ රෝගීන්ට නියුරලින්ක් අධ්‍යයනය සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ සඳහා වසර 06ක් පමණ ගත වනු ඇති බව විශ්වාස කෙරෙන අතර එම අධ්‍යයනය සඳහා තෝරා ගන්නා රෝගීන්ගේ මොළයේ චලනයන් පාලනය කිරීමේ කලාපයේ නියුරලින්ක් පරිගණක චිපය ස්ථානගත කෙරෙයි.

ඒ රොබෝවක් ආධාරයෙන් ය.

මුලින්ම උත්සාහ කෙරෙනු ඇත්තේ එම රෝගීන්ට සිතිවිල්ලකින් පමණක් පරිගණකයේ කර්සර් එක හෝ කී බෝඩ් එක හැසිරවිය හැකි දැයි සොයා බැලීම  සඳහා ය.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය සාර්ථක වුවත් නියුරලිනික් පරිගණක චිප් මිනිස් මොළයට බද්ධකොට අප්‍රාණික වුවත් පණ ගැන්වීම සඳහා වාණිජමය වශයෙන් යොදාගැනීමට තවත් වසර 10ක් පමණ ගතවනු ඇති බවට වාර්තා වේ.

ReeCha