ඇල්ල–වැල්ලවය මාර්ගය නැවත විවෘතයි

Report

නාය යෑම් හේතුවෙන් වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කර තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ද තව දුරටත් වාර්තා වේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති නායයෑම් අවදානම් තත්ත්වයන් අඩුවීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.