ජාත්‍යන්තරයට ගිය ලංකාවේ ආන්දෝලනාත්මක Tik Tok වීඩියෝව මෙන්න..(VIDEO)

Sri Lanka Elephant Indian Tik tok video
By Aruna Feb 06, 2022 12:17 AM GMT
Aruna

Aruna

Report

සත්ව හිංසනය පිළිබඳ දැවෙන ගැටලු විටින්විට අන්තර්ජාලයේ සාකච්ඡාවට බඳුන් කෙරේ. TikTok පරිශීලකයෙකු තම වාහනය අලියෙකු අසලින් පදවා සත්වයා බිය ගැන්වීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව වාර්තා වන අතර එය අන්තර්ජාල පරිශීලකයින්ට දැඩි කෝපය මතු කර ඇත.

වීඩියෝවේ,TikTok පරිශීලකයා රාත්‍රියේ වාහනයක් පදවන අයුරු දැකගත හැකි අතර මාර්ගයේ සිටි අලියෙකු මතට හෙඩ් ලයිට් යොමු කර ඌ පසුපසට යද්දී පසුව එම පුද්ගලයා සතා දෙසට වාහනය පදවා සතා බිය ගැන්වීමට උත්සාහ කරයි.

බියට පත් වූ අලියා පසුපසට යාමට පටන් ගත් අතර ගසක් පිටුපසට යාමට උත්සාහ කළේය. අන්තර්ජාල සත්ව ලෝලීන් මෙම හැසිරීම දැඩි ලෙස හෙළා දැක තිබේ.

Twitter හි මේ ගැන මතු වූ සංවාදයේදී @shashikagimhandha නම් පරිශීලකයෙකු විසින් මුලින් පළ කරන ලද TikTok වීඩියෝව ඉන්දීය වනසේවා නිලධාරි පර්වීන් කස්වාන් විසින් Twitter හි බෙදාගෙන ඇත.

කස්වාන් එම ක්ලිප් එක බෙදා ගත්තේ, "මෙහි සිටින සතා හඳුනාගන්න. මොනතරම් දුක්ඛිත හැසිරීමක්ද. ශ්‍රී ලංකාවෙහි ටික්-ටොක් වීඩියෝවක් සඳහා මෙවැනිදේ කරනවාද..

ඔබ ඔබේ නිවසට ගොස් මෙය කරන්න... එවැනි පුද්ගලයින් උලතැබිය යුතුයි." පවසා ඇත.

එම වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනද ප්‍රතිචාර දක්වා තිබෙන අතර ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "මෙවැනි දේ ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු අවස්ථාව නොවන බවත්, මෙම සෙල්ලක්කාර හැසිරීම නතර කිරීමට කාලය එළැඹ ඇති බවයි..

සතුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්නැයි ඔහු ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද එම වීඩියෝව පළ කර ඇති අයගැන සොයා බලා සිද්ධිය සම්බන්ධයෙන් පියවර ගැනීම අවශ්‍ය බව දක්වා ඇත.

වීඩියෝව පහතින්




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now