මෑරුණු අලියටත් කළ අපරාදය..
By Sithumi
රිටිගල වනසත්ව අඩවියට අයත් පලුගස්වැව කොකටියගොල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් මිය ගිය ඇතකුගේ දළ යුගලය කපා සොරාගත් සැකකරුවන් සොයා විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ දිනයේ මෙම දළ ඇතා මිය ගොස් ඇති අතර ඒ බව දැක ඇති ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබද රිටිගල වනජීවී කාර්යාලයට දැනුම් දී තිබුණු අතර එම ඇතාගේ දළ කපාගෙන ගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් එම ස්ථානයට ළගාවන විට දැකගත හැකිවූයේ .
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පොලිසියට ද පැමිණීලි කර තිබෙනවා.
කවුඩුල්ල හා මින්නේරිය ජාතික උද්‍යානවල සහ රිටිගල ආශ්‍රිතව සැරිසැරූ කෝලිත නම් දළ ඇතා මෙලෙස මිය යන්නට ඇති බවත් වනජීවි නිලධාරීන් පැවසුවේ
අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති එම ඇතාගේ දළ යුගලය මෙලෙස කපාගෙන යන්නට ඇති බවයි.