වන අලි නිසා අසරණ වූ කාන්තාවෝ... අපි ජීවත් වෙන්නේ මේකෙන් මහත්තයො..
අසේල ධර්මවංශ පොලොන්නරුව මින්නේරිය බොජුන් හලට වනඅලි පහර දේ කොළඹ මඩකලපු ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිණහිරිගම ඉදිකළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රජයේ හෙළ බොජුන් හලට පෙරේදා රාත්‍රියේ වන අලින් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මීට වසර පහකට පමණ පෙරඉදිකරනලද මෙම හෙළ බොජුන් හල කොළඹ මඩකලපු ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් විශාල පිරිසකගේ ආහාර අවශ්‍යතාවයන් සඳහා ප්‍රයෝජනය ලබාගැනීමට හැකි විය මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා නගරයට එනවන අලින් විසින් මෙම පහරදීම සිදු කර තිබෙනවා.
මෙම හෙළ බොජුන් හල තුල කාන්තාවන් දසදෙනෙකු එදිනෙදා තම ආදායම උපයා ගත්තේ ආහාර අලෙවි කිරීමෙන් .
වන අලින් විසින් සිදුකර ඇති මෙම විනාශය නිසා ඔවුන්ගේ රැකියාවන් ද අහිමි වන තත්ත්වයට පත්ව තිබෙනවා.
නිරන්තර සිදුවන වන අලි හානි නිසා දුක් විඳින මෙම ජනතාවගේආරක්ෂාව සපයා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.